Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත යටතේ ‘රාජ්‍ය අධිකාරියක්’ යන නිර්වචනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළත් විය යුතු බවට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව 2024 ජූලි මස ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
අදාළ තීන්දුවෙන් එම කොමිසම ප්‍රකාශ කර තිබුණේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ‘රාජ්‍ය අධිකාරියක්’ යන නිර්වචනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළත් විය යුතු බවත් ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට සිදුවන ලිංගික හිරිහැර/අවිචාරවත් හැසිරීම් පිළිබඳ මනෝලි ජිනදාස වාර්තාව එම පනත යටතේ ඉල්ලා සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් එය නිකුත් කළ යුතු බවයි.
පොදුජන යහපත උදෙසා එය නිකුත් කළ යුතු බවට කොමිසම නිර්දේශ කර තිබුණ ද එහිදී ලිංගික හිරිහැරවලට ගොදුරු වූවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමත් පැමිණිලිකරුවන්ගේ නම් ඉවත් කිරීම සඳහාත් කටයුතු කළ යුතු බව දක්වා තිබේ.
ජනමාධ්‍යවේදියකු වන නවුෂාඩ් අමිත් විසින් ගොනු කරන ලද තොරතුරු ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කර තිබුණේ මින් ‘පෞද්ගලික තොරතුරු’ මුදා හැරීමක් අදහස් වන බව පවසමිනි.
කෙසේවෙතත් ඔහුට අමාත්‍යාංශයේ නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ද දැනුම් දී තිබිණි.
ඒ අනුව ඉදිරිපත් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කිරීමේදී අදාළ නම් කරන ලද නිලධාරියා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට අනුව පොදු අධිකාරියක් නොවන බවට ස්ථාවරයක සිට නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරක්‍ෂා කරනු ලබන ක්‍රිකට් නිලධාරීන් විසින් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිරිහැර කරන ආකාරය හෙළිදරව් කිරීම නිසා එම වාර්තාව මහජන අවශ්‍යතාවක් ඇති බව පවසමින් අමිත් සිය අභියාචනය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළේය.
ක්‍රීඩිකාවන්ට බලපාන ඕනෑම තොරතුරක් නැවත සකස් කර වාර්තාව නිකුත් කරන ලෙසත් නමුත් ලිංගික අතවර කිරීමේ දූෂිත ක්‍රියා හෙළිකරන ලෙසත් ඔහු කොමිසමෙන් ඉල්ලා තිබිණි.
අභියාචනා විභාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තර්ක කළේ තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ නොවන බවයි.
එය පෞද්ගලික ආයතනයක් මිස රජයට පාලන බලය ඇති ආයතනික ආයතනයක් නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ජාතික ක්‍රීඩා රෙගුලාසි අංක 01 ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම අවශ්‍ය වීම පමණක් රජය සමඟ ඇති එකම සම්බන්ධය බවයි.
අන්තර්ජාතික වශයෙන් රට නියෝජනය කරමින් ක්‍රිකට් නියාමනය සම්බන්ධව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලියාපදිංචි කිරීමෙන් ජාතික ආයතනයක් ලෙස අර්ථ ගැන්වෙන බව එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කොමිසම දැනුම්දී තිබිණි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 34 වැනි වගන්තිය යටතේ, පොදු අධිකාරියකට හෝ එම කොමිසමේ තීන්දුවකින් සෑහීමකට පත් නොවන පුරවැසියකුට අභියාචනාධිකරණයට අභියාචනා කිරීමට අයිතිය ඇත.
විවිධ ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා පුරවැසියකු විසින් ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන් ආවරණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති බව මීට පෙර (2019) අවස්ථාවක තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම විසින් සටහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart