June 9, 2023

ශ්‍රී ලංකාව තෙකලා සහ ස්මාර්ට් විදුලි මීටර් නිෂ්පාදනය මේ වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද(09) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) සහ ලංකා විදුලි සමාගමට (LECO) අවශ්‍ය තනි අදියර මීටර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට ANTE LECO Metering සමාගම විසින් බවයි.

LECO හි අනුබද්ධිත Ante LECO Metering Company (Pvt) Ltd වාර්ෂිකව මීටර් 250,000 නිෂ්පාදනය කරන බව ඔහු පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැති විජේසේකර ප්‍රකාශ කරන්නේ සමාගම මේ වසරේ තෙකලා සහ ස්මාර්ට් විදුලි මීටර් නිෂ්පාදනය පුළුල් කරන බවයි.

“පුළුල් කිරීමත් සමඟ තනි-අදියර, 3-අදියර සහ ස්මාර්ට් මීටර සඳහා වන සමස්ත දේශීය අවශ්‍යතා සපුරාලීමට සමාගම සැලසුම් කර ඇති අතර අනාගතයේදී අපනයන වෙළඳපල ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් පුළුල් කිරීමට ද සැලසුම් කරයි,” යැයි ඔහු සඳහන් කරයි.

තමන් ඊයේ(08) Ante Meter සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ LECO සහ ANTE LECO Metering සමාගමේ නිලධාරීන් හමුවූ බවයි ඇමැති කාංචන විජේසේකර වැඩිදුරටත් කියාසිටී.