Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දීය අදානි සමාගමේ සමහර ඉහළ නිලධාරීන්ට වංචා චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් අධිචෝදනා ලබා දීමෙන් අනතුරුව අදානි පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජය පොරොන්දු වීමෙන් පසුවය.
ඇමැති ජයකොඩි ඊයේ (09) එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් හමුවූ අවස්ථාවේදී දෙරට අතර විදුලිබල ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ සාකච්ඡා කිරීමට සහාය ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයට තාක්ෂණික සහ අනෙකුත් සහාය ලබාදීමට එක්සත් ජනපද රජය සූදානම් බව තානාපතිවරිය පැවසුවේයැයි බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය සහ බලශක්තිය පිළිබඳ දැක්ම සකාච්ඡාවේ දී පැහැදිලි කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සඳහා එක්සත් ජනපද රජයේ සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්තිය ප්‍රවර්ධනය කරමින් සිටින අතර සමහර ව්‍යාපෘති සඳහා දැනටමත් සහාය දක්වා ඇත.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා ඉහළ නැංවීමේ ශ්‍රී ලංකාවේ දැක්මට සහාය දැක්වීම සඳහා ඩොලර් මිලියන 19ක, අවුරුදු 5ක බලශක්ති වැඩසටහනක් වන ශ්‍රී ලංකාවේ විදුලි වාහන අංශය තවදුරටත් සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය තාක්ෂණික සහාය ලබා දී ඇත.
ශ්‍රී ලංකාව පිරිසිදු බලශක්ති උත්පාදන රටක් බවට පරිවර්තනය කිරීමට සහාය වීම මෙහි අරමුණයි.
බලශක්ති ඇමැතිවරයා සහ එක්සත් ජනපද තානාපතිනිය අතර මෙම හමුව සිදුවන්නේ නිව්යෝර්ක්හි ෆෙඩරල් නඩු පවරන්නන් විසින් අදානි සමූහ සභාපති ගෞතම් අදානි සහ තවත් හත් දෙනෙකු ඇතුළු ඉන්දියාවේ අදානි සමූහයේ ඉහළම නිලධාරීන් අට දෙනාට වංචා චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් සති තුනකට පමණ පසුවය.
ශ්‍රී ලංකාවේ උතුරු මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500ක සුළං බලාගාර පිහිටුවීමට අදානි යෝජනා කර තිබිණි.
පුනරීන් බලාගාරය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙගාවොට් 234 සඳහා බලශක්ති බලපත්‍රයක් මෙම වසරේ පෙබරවාරි මාසයේදී අනුමත කරන ලදී.
පරිසරවේදීන්ගේ චෝදනා මධ්‍යයේ අදානි ව්‍යාපෘති සමාලෝචනය කරන බවට නව රජය පොරොන්දු වී ඇති අතර මන්නාරම රදගුරුවරයා එම ව්‍යාපෘතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය පිහිටුවීමට නියමිත ස්ථානය සංක්‍රමණික පක්ෂි මාර්ගයක පිහිටා ඇති බවත්, ව්‍යාපෘතිය මගින් ජනනය කරන විදුලිය සඳහා ගෙවන මිල වැඩි බවත් පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart