Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායකකර පවසයි.
යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීමට ගැටලු මතුවීම ඊට හේතුව බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
ඔහු මේ බව පැවසූවේ හමාස් සංවිධනයේ දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හානියා ඉරානයේදී ඝාතනය වීමත් සමග මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද උණුසුම සහ එම තත්ත්වය නිසා ඊශ්‍රායලය, ලෙබනනය,ජෝර්දානය සහ ඊජිප්තුව ප්‍රමුඛ මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැදපෙරදිග කලාපයේ යුද උණුසුමක් වර්ධනය වීම මෙරටට කිහිප ආකාරයකින් බලපෑ හැකි වුවත් මෙම අවස්ථාවේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ බවත්, හදිසි අවස්ථාවකදී ඔවුන් මව්බිමට රැගෙන ඒමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඩොලර් මිලියන 5ක මුදලක් මේවන විටත් රජය වෙන්කර ඇති බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.
මැදපෙරදිග යුද තත්ත්වයක් ඇතිවීම නිසා මෙරටට අත්‍යවශ්‍ය ඉන්ධන සහ ගෑස් ආනයනය අර්බුදයට ලක්විය හැකි බවත්, එමගින් නැවතත් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය .
එසේ වුවහොත් විදුලිය සහ ඉන්ධන නොමැතිව රට නැවත ඇද වැටිය හැකි බවත්, එවැනි තත්ත්වයක් ඇති නොවනු පිණිස වගකිවයුතු රජයක් ලෙස අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart