Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්‍රකට අවන්හල් සමුහයක් වන මැක්ඩොනල්ඩ්ස් සිය සමුහයේ ශාඛා පිහිටුවිය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව තවමත් ලැයිස්තු ගතකර නොමැති බව වාර්තා වේ.
මැක්ඩොනල්ඩ්ස් සහ එහි හිටපු ශ්‍රී ලංකා බලයලත් ආයතනය මෑතකදී දෙපාර්ශ්වයේ සබඳතාව අන්‍යෝන්‍ය වශයෙන් අවසන් කර නීත්‍යනුකූල විසඳුමක් ලබාගෙන තිබිණි.
මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටෝරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) ලිමිටඩ් නිවේදනය කළේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි නෛතික විසඳුමකට දෙපාර්ශ්වය එළඹුණු බවයි.
කෙසේවෙතත්, මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් නියෝජනය කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි රටවල් අතරට ඔවුන් විසින් ශ්‍රී ලංකාව තවමත් ලැයිස්තුගත කර නොමැත.
මැක්ඩොනල්ඩ්ස් ජාලය ක්‍රියාත්මක රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් ඉවත් කර සිටී.
පසුගිය මාර්තු මාසයේදී මැක්ඩොනල්ඩ්ස් ශ්‍රී ලංකාවේ සිය දේශීය හවුල්කරු අබාන්ස් සමඟ ගිවිසුම අවසන් කිරීමට තීරණය කළ අතර රට තුළ පැවති අලෙවිසැල් 12 වසා දමන ලදී.
ගිවිසුම අවසන් කිරීමට මව් සමාගම තීරණය කළේ ප්‍රමිති ගැටලු හේතුවෙන් බවට මත පළ වී තිබිණි.
අබාන්ස් සමාගම මුලින්ම මැක්ඩොනල්ඩ්ස් ජාලය සමඟ හවුල් වූයේ 1998 වසරේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart