Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.
X හි පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පිට පිට ලැබූ පරාජයන් සමග ගමන ඇදහිය නොහැකි තරම් අභියෝගාත්මක වී ඇති බවයි.
“මම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අපේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට භාර දෙනවා. බොහෝ කලපනා කරලා මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළා. සෑම අවස්ථාවකදීම වෙහෙස නොබලා මා වෙනුවෙන් පෙනී සිටි මගේ පවුල වෙනුවෙන් අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇති බව මට හැඟෙනවා” යනුවෙන් ඔහු පවසා තිබේ.
පවුලේ අය තමන්ට සහයෝගය දැක්වීම සඳහා අනන්තවත් කැපකිරීම් කර ඇති බවත් දැන් ඔවුන් වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය කැප කිරීමට කැමති බවත් ඔහු පවසයි.
” මෙම තීරණය පහසු නැහැ, නමුත් මට මග හැරුණු අවස්ථා සැබවින්ම අගය කිරීම මට අවශ්‍යයි කියා හැඟෙනවා. කවදා හෝ මේ ගමනට මා නැවත පැමිණිය හැකි වුවද, මෙය මගේ ජීවිතයේ මේ පරිච්ඡේදයෙන් අවසන් සමුගැනීම වීමට ද ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, සමගි ජන බලවේගයේ පවුලට, මගේ ඡන්ද දායකයන්ට සහ වැලිගම මා සමඟ සිටි සියලුම දෙනාට මගේ බලවත් කෘතඥතාව පළ කිරීමට මම කැමතියි. ඔබේ විශ්වාසය සහ සහයෝගය මට ලෝකයක් තරම් වටිනවා, මම එය සැමවිටම මගේ හදවතේ තබා ගන්නවා,” යැයි ඔහු X හි සටහන මගින් පැවසීය.
මහ මැතිවරණයේදී රෙහාන් ජයවික්‍රමට මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart