February 9, 2024

රට පාලනයේ ක්‍රමානුකූල වෙනසක් ඇති කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ 117ක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ නීතිඥ සම්මේලනය ප්‍රකාශ කරයි.

සජබ නීතීඥ සම්මේලනයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනමාධ්‍ය වෙත පවසන ලද්දේ, මෙම ප්‍රතිසංස්කරණ අතුරින්, රටේ පවුල් දේශපාලනය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවයි.

ඒ අනුව, දේශපාලන නිලතල දරන පුද්ගලයන් විශ්‍රාම ගොස් කාලයක් ගතවන තුරු එම දේශපාලනඥයන්ගේ සහෝදර සහෝදරියන් හෝ දරුවන් දේශපාලනයට නොපැමිණිය යුතු බව එම සම්මේලනය යෝජනා කර තිබේ.

පවුලේ සමීපතමයකු දේශපාලන තනතුරක් දරන අතරතුර පවුලේ අනෙක් සාමාජිකයන්ට රජයේ කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම තහනම් කිරීමටද මෙහිදී යෝජනා කෙරී ඇත.

අන්තර්ජාලය හරහා කාන්තාවන්ගේ සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සමගි ජන බලවේග රජය යටතේ නව පනතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද එහදී නිවේදනය කළේය.

“වැරදි කරන අය බලයට ආවට පස්සේ ඔවුන්ව ආරක්ෂා කිරීමට ඉඩදිය නොහැකියි. අධිකරණය ආරක්ෂා කිරීම සහ එවැනි තනතුරුවලට අවංක විනිසුරුවන් පත්කිරීම ඉතා වැදගත්. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට අපට ඉඩදිය නොහැකියි. අපගේ යෝජනාවලින් යෝජනා කරන්නේ, ජනාධිපතිවරයාගේ සිට පහළට ලබාදිය යුත්තේ එක් නිල වාහනයක් පමණක් වියයුතු බවයි” යනුවෙන් හෙතෙම සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%