January 18, 2024

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිත කරන සිසුන් ඉගෙනුම ලබන පාසල් හයක් බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ අනාවරණය කර ඇත.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙසේ ද සඳහන් කර තිබේ.

“එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්. ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා”

“පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා”

එසේම, 2023 වර්ෂයේ දී කළුතර කොට්ඨාසය තුළ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක් සහ මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පවරා තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.

42.31%
17.27%
32.76%