April 29, 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ 2024 හිමාල ගවේෂණයේ කණ්ඩායම සිය දුෂ්කර ගමනේ මූලික අරමුණ ඉටුකර ගනිමින් ඉකුත් සෙනසුරාදා පෙරවරු 8.27ට මීටර් 6,189 ක් උසැති Island Peak කඳු මුදුණට ළඟා වී තිබේ.

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයක සිසුන් කණ්ඩායමක් මෙම ස්ථානය තරණය කළ පළමු අවස්ථාව මෙයයි.

ඔවුන් මීටර් 3,500ක් ඉහළින් පිහිටි හිමාලයේ දුෂ්කර කොටස පසුකර මූලික කඳවුරට පැමිණ ඇත.

උන්නතාංශයේ මීටර් 3,500 ඉක්මවන හිමාලයේ ඇති මංසන්ධි තුන, එනම් කොංමා ලා පාස් (මීටර් 5,550), චෝල පාස් (මීටර් 5,420) සහ රෙන්ජෝලා පාස් (මීටර් 5360) තරණය කිරීම කඳු නගින්නන්ට සැළකිව යුතු අභියෝගයක් වේ.

මෙම මාර්ගයේ උන්නතාංශය, දැඩි ශීතල සහ වේගයෙන් උච්චාවචනය වන පාරිසරික තත්ත්වයන් එහි දුෂ්කර ස්වභාවයට හේතුවන බව පැවසෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හයදෙනකුගෙන් සමන්විත මෙම හිමාල ගවේෂණ කණ්ඩායමට ඉංජිනේරු පීඨය නියෝජනය කරමින් සිසුන් පස්දෙනෙක් සහ සිසුවියක් එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%