Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් කෝටි 4ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු හයදෙනෙකු කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ‘අයිස්’ (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 1.5ක් පමණ සහ හෙරොයින් ග්‍රෑම් 835ක් ත්‍රිරෝද රථයක් සමග පොලිස් භාරයට ගෙන ඇත.
කහතුඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයන් තිදෙනෙකු රැගත් සැකකටයුතු ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එක් අයෙකු සන්තකයේ තිබී ‘අයිස්’ මිලිග්‍රෑම් 5140ක් සොයා ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම්වලින් අනතුරුව එක් සැකකරුවෙකුගේ දුරකථනයකින් ලැබුණු තොරතුරක් මත කිරිවත්තුඩුව මූණමලේ වත්ත ප්‍රදේශයේ 16 වැනි පටුමගේ නිවසක් වැටළීමක් සිදුකර ඇත.
වැටළීමේදී එම නිවසේ පදිංචි වයෝවෘද්ධ අඹුසැමි යුවළ විසින් නිවස තුළ සිටි සුනඛයකු පොලිස් නිලධාරීන්ට මුදාහැර තිබේ.
මේ අතර තවත් පුද්ගලයෙකු පාර්සලයක් රැගෙන නිවසේ පිටුපස දොරෙන් පැනයෑමට උත්සාහ කර ඇති අතර, එම පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම නිවස කොළඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වන තම මාමාට අයත් එකක් බව අනාවරණය කරගෙන ඇති අතර ඔහු දින කිහිපයක් එම නිවසට පැමිණ කොළඹ ප්‍රදේශයේ සේවය කරන කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද සඳහන් කර ඇත. පෙර
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින දෙකක රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart