March 6, 2025

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.