Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සියලු සමගි ජන බලවේගයේ සාමාජිකයන් සඳහා සෑම විටම විවෘතව පවතින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
“ඕනෑම අවස්ථාවක අප හා එක්වීමට සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට අපගේ දොරටු විවෘතයි. ඒ නිසා විවිධ හේතූන් මත අප හැර ගිය සියලුම දෙනාට අපි ආරාධනා කරනවා නැවත අපිත් එක්ක එකතු වෙන්න කියලා” රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවකදී පැවසීය.
“සමගි ජන බලවේගයේ නායකත්වය විසින් සමගි ජන බලවේගයේ සාමාජිකයන්ව පැත්තකට දාලා තියෙන්නේ. අද සමගි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ ස්ථාවරය තීරණය කරන්නේ හර්ෂ ද සිල්වා නෙවෙයි නාලක ගොඩහේවා වැනි අයයි. ඒ නිසා හර්ෂ වැනි අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ විනාශ වීමට පෙර අප හා එක්වන්න” යැයි ඔහු පැවසීය.
එමෙන්ම බිම් මට්ටමේ සිට සමගි ජන බලවේගයේ සාමාජිකයන් දැනටමත් එක්සත් ජාතික පක්ෂට නැවත පැමිණීමට පටන් ගෙන ඇති බවද ඔහු පැවසීය.
“මම මෙම සාකච්ඡාවට එන්න කලින් මම සමගි ජන බලවේගයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළා ,” යැයි ද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායකගේ කැනඩා සංචාරය පිළිබඳ රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේ, මැතිවරණය පැවැත්වෙන්නේ කැනඩාවේ නොව ශ්‍රී ලංකාවේ බව අනුර කුමාර දිසානායක තේරුම් ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart