
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකාලීනව හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැයකර ඇති මුදල් සම්බන්ධයෙන් රජය ඉකුත් දා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමා ධූරයේ සිටි කාලසීමාවේ විදෙස් ගමන් වියදම් සඳහා රුපියල් මිලියන 384 ක මුදලක් වියදම් වී ඇතැයි පෙන්වා දී ඇති නමුත්, ඇතැම් ජනාධිපතිවරුන්ගේ මුළු ධූර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වාදීම කණගාටුවට කරුණක් බවයි.
එමෙන්ම 2015 වර්ෂයේ තමන් බලයට පත්වන විට අන්තර්ජාතික සංවිධානය සහ ලොව බලවත් රටවල් ශ්‍රී ලංකාව සමග පැවැති සබඳතා සම්පූර්ණයෙන් බිඳවැටී තිබූ බවත් ඒ සියල්ල යළි යථාතත්ත්වයට පත්කිරීමට තමන්ට හැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයේ දක්වා තිබේ.
සිය ධූර කාලය තුළ රාජ්‍ය නායකයන් රැසක් සංචාර සඳහා මෙරටට පැමිණි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පමණක් අවස්ථා තුනක්දීම මෙරට සංචාරය කළ බවත්, එමෙන්ම තමන් විදේශ රටවල සිදුකළ සෑම සංචාරයක්ම එම රටවලින් ලද ආරාධනා අනුව සිදුකළ බවත්, ඒවා විනෝද සවාරි නොවූ බවත්, අදාළ සංචාරවලදී මෙරට වාසිවන ගිවිසුම් 300 කට වඩා අත්සන් තබා ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එබැවින් සංචාර සඳහා වැයවූ මුදලට සාපේක්ෂව ඒවායෙන් රටට හිමිවූ වාසිය රුපියල් කෝටි සිය ගණනක් බව ද ඔහු පෙන්වා දෙයි.
සිය ධූර කාලය තුළ අත්සන් කළ ගිවිසුම් රටට වාසිදායක බවත්, එම ගිවිසුම් 2020 වර්ෂයේ සිය බලයට පත්වූ ආණ්ඩු විසින් ක්‍රියාත්මක නොකිරීම රටේ ජනතාවගේ අවාසනාව මිස තමන් විදේශ ගමන් සඳහා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමක් නොවන බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පහතින් දැක්වෙන්නේ එම සම්පුර්ණ නිවේදනයයි :
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart