April 24, 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ස්ථීර වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සභික මොන්ටේගු සරත්චන්ද්‍ර ගොනු කළ පැමිණිල්ලකට අදාළවමෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු ස්ථිර වාරණ නියෝගය බලපැවැත්වේ.

මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද දෙවැනි නියෝගය මෙයයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව මීට පෙර අධිකරණ අතරු තහනම් නියෝගයක් ලබාදී තිබිණි.

42.31%
17.27%
32.76%