Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ගොනුකර තිබු පෙත්සම සමථයකට පත් වූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන පිරිස හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ගොනුකර තිබු පෙත්සමේ වග උත්තරකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart