April 25, 2025

‘සිරි දළදා වන්දනාව’ ලබන අප්‍රේල් 27 වැනිදායින් ඔබ්බට දීර්ඝ නොකිරීමට තීරණය කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුණු බව ප්‍රකාශ විය.

මෙම තීරණය දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් මීට මද වේලාවකට පෙර ජනමාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

ඒ අනුව, කළින් සැලසුම් කළ ආකාරයට අප්‍රේල් 27 වැනිදා ‘සිරි දළදා වන්දනාව’ අවසන් කිරීමට පියවර ගැනෙනු ඇත.