Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන අලෙවියට පිවිසෙන සමාගම් නියාමනය කෙරන නියාමන අධිකාරියක් (monitoring body) වහාම ස්ථාපිත කර රට පුරාම ඉන්ධන මිල ස්ථාවර කළයුතු බවත්, එසේ නැතහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජතෙල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.
රටපුරා සිපෙට්කෝ පිරවුම්හල 1004ක් හා ලංකා IOC පිරවුම්හල 280ක් මඟින් පාරිභෝගිකයන්ට රුපියල් 07ක වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන විට පිරවුම්හල් 150ක් සතු ඵහෙත් දැනට පිරවුම්හල් 50ක් පමණ වීවෘත කර ඇති චීන සමාගම සුලු පාරිභෝගිකයන් සංඛ්‍යාවකට රුපියල් 07ක් අඩුවෙන්ම ඉන්ධන අලෙවි කරයි.
විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්වීමේදී ගෙන ආ පනතේ සඳහන් පරිදි අදාළ නියාමන අධිකාරිය තවමත් ස්ථාපිත නොකිරීම නිසා පාරිභෝගිකයන්ද සූරාකමින් ඉන්ධනහල් හිමියන්ද ප්‍රශ්න ගණනාවකට පත්කර ඇති බව එම සංගමය සඳහන් කර තිබේ.
අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට සයිනොපෙක් සමාගමට හැකියාව ඇත්නම් අමාත්‍යාංශය මැදිහත්වී ඒ සමානවම සිපෙට්කෝ සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල් මගින්ද මිල අඩු කිරීම් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව එම සංගමය පෙන්වාදෙයි.
ඉන්ධන මිල තීරණය කිරීමේදී තරගකාරී මිල ගණන් යටතේ මිල ගණන් අතර සුළු සුළු වෙනස්කම් තිබීමේ වරදක් නැතිමුත්, මිල අඩුවීමේ වාසිය පොදු මහජනතාවට ලබාදිය යුතු බවත්, පනතේ සදහන් නියාමන අධිකාරිය වහා ස්ථාපිත කර ඛනිජ තෙල් කර්මාන්තයට සහ පාරිභෝගිකයන්ට සාධාරණ ඉටු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවත්, එම සංගමය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart