October 1, 2023

ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන චීනයට අයත් සයිනොපෙක් ආයතනය විසින් කිසිදු අනුමැතියකින් තොරව ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සයිනොපෙක් සමාගම පවසා ඇත්තේ අද(01) පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බවයි.

ඒ අනුව සයිනොපෙක් සමාගමට අයත් පිරවුම්හල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 සිට රුපියල් 420 දක්වාද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338 සිට රුපියල් 348 දක්වාද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 356 සිට රුපියල් 417 දක්වාද ඉහළ දමා ඇත.

මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ නියාමක බලය ඇත්තේ විෂය භාර ඇමැතිවරයාටය.

එහෙත් සයිනොපෙක් සමාගමට මෙලෙස සිය කැමැත්ත පරිදි ඉන්ධන මිල සංශෝධනය කළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මෙතෙක් ප්‍රකාශ කර නැත.

මේ අතර හෙට රැස්වන කැබිනට් මණ්ඩලය විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වලද ඉන්ධන මිල වැඩිකිරීමට තීරණයක් ගනු ඇති බවට මේ වන විට වාර්තා පළවේ.

පහතින් දැක්වෙන්නේ ඉන්ධන මිල ඉහළ දමමින් සයිනොපෙක් නිකුත් කළ නිවේදනයයි.