October 1, 2023

චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය තනි කැමැත්තට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සිය විරෝධය පළකර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, සයිනොපෙක් සමාගම විසින් තනිව තීරණය කර ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම හේතුවෙන් සිය සංගමයට අයත් බෙදුම්කරුවන් බරපතලගටලුවලට මුහුණදී සිටින බවයි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ආයතන නියාමනය කිරීම සඳහා වෙනම නියාමන ආයතනයක් පිහිටුවන බවට විෂයභාර ඇමැතිවරයා ප්‍රකාශ කළද, මෙතෙක් එවැනි ආයතනයක් පිහිටුවා නැති බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඉන්ධන මිල සංශෝධනයේදී සියලුම ආයතන එකම මිලක් යටතේ හෝ සුළු වෙනස්කම් යටතේ ඉන්ධන අලෙවි නොකරන්නේ නම් සිය සංගමයට දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවද එම සංගමය වැඩිදුරටත් සිය ලිපියෙන් අවධාරණය කර ඇත.