Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
‘ඩේලි නිව්ස්’ වාර්තා කරන පරිදි, ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ආයෝජනයෙන් ඔස්සේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරනු ඇත.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇනහිට ඇති මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 320ක මූලික ආයෝජනයකින් මේ වසරේ නැවත ආරම්භ කරන බව ඇමැති රණතුංග සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනාගත් ස්ථාන සංචාරක කලාප බවට පත්කර ඒවාට යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය උප ව්‍යාපෘති 06 කින් සමන්විත වන අතර, ඕලන්ද බොක්ක සහ බැක් බේ වෙරළ සංවර්ධනය, ෆෙඩ්රික් කොටුව, සංරක්ෂණය හා වැඩිදියුණු කිරීම, උණුදිය උල්පත් ආශ්‍රිත පොදු පහසුකම්, පාවෙන ආපනශාලා ඉදිකිරීම සහ පරිසර උද්‍යාන නිර්මාණය ඊට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart