Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙඩි වැදී හෝ අනතුරකට ලක්ව දින ගණනාවක් කණ්ඩලම කළුදිය පොකුණ රක්ෂිතයේ රෝගාතුරව වේදනාවෙන් සිටින වන අලියකුට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව බෝට්ටුවකින් ගොස් කණ්ඩලම වැව මැද දී ප්‍රතිකාර කිරීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමකට පෙරේදා (07) පස්වරුවේ හැකිවිණි.
ප්‍රදේශවාසීන්ගේන් ලද තොරතුරකට අනුව සීගිරිය වනජීවී කාර්යාල නිලධාරීන් මෙම වන අලියා සොයා දින දෙකක් කණ්ඩලම හා අවට ප්‍රදේශවල මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව වන අලියා මීට දින දෙකකට ඉහතදී කණ්ඩලම වැවේ බැස සිටියදී නිරීක්ෂණය කරගැනීමට සීගිරිය වන ජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙම වන අලියා කිසියම් ආබාධයකින් පෙළෙන බවට මේ වන විට වන ජීවී නිලධාරීන් තහවුරු කරගෙන තිබෙන අතර මෙම අලියා ඇවිද යෑමට හා ආහාර ගැනීමට රුචිකත්වයක් නොදක්වන බව ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීහු පවසති.
ජලයේ සිටි මෙම වන අලියා හට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක මෝටර් බෝට්ටුවක් ආධාරයෙන් ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ප්‍රතිකාර කිරීම සිදුකළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart