January 28, 2025

බීමතින් රිය පැදවූ කෑගල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, බීමතින් පොලිස් කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා මාර්ග අනතුරු දෙකක් සිදු කර ඇති බවයි.

ඔහු පුද්ගලයකු අනතුරකට ලක්කර තුවාල සිදු කර ඇති නමුත් නතර නොවී කැබ් රථය ධාවනය කර ඇත.

වරකාපොල පොලිසිය විසින් ඔහුව නවතා ඇති අතර, එහිදී ඔහු බීමතින් සිටින බව සොයා ගෙන තිබේ.

එම උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඔහු වැඩ තහනමට ලක්කර තිබේ.

 

42.31%
17.27%
32.76%