Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන නව සන්ධානයක් සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, ඉදිරි අයවැය පරාජය කිරීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින විරුද්ධවාදීන්ට අභියෝග කරයි.
“මට [ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට] නාමල් රාජපක්ෂට සහ සාගර කාරියවසම්ට කියන්න තියෙන්නේ, අයවැයට විරුද්ධ නම්, ඇවිත් ඒකට විරුද්ධව ඡන්දය දීලා, ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. අපි හැමෝම ඒකට සූදානම්”යැයි ලාන්සා ජනමාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
“කොච්චර කෑ ගැහුවත් අයවැය පරද්දන්නේ නැහැ. පුළුවන් නම් මගේ අභියෝගය භාර අරගෙන අයවැය පරද්දන්න” යැයිද ඔහු සඳහන් කළේය.
“එක පැත්තකින් විදුලි ගාස්තු වැඩි වෙනවා වගේම බදු සහ ජල ගාස්තුත් වැඩි වෙනවා. අලුතින් පනවන්න යන බදු ගැනත් කතා වෙනවා. ජීවන වියදම පාලනය කරන්න කිසිම පියවරක් ගන්නේ නැහැ. වරද භාරගන්න වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි ”යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
“අයවැය එනවා. අයවැයෙන් යෝජනා කරන්නේ මොනවද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ යෝජනා එක්ක අපි පක්ෂයක් විදියට තීරණයක් ගන්නවා” යැයිද රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart