April 13, 2024

හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

ඊයේ (12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත.

තුවාලකරුවන් හම්බෙගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.(දිනමිණ)

42.31%
17.27%
32.76%