
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදාහරින්නන්ට ලබාදෙන 3% ක කොමිස් මුදල අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය හේතුවෙන් මතුව ඇති ගැටළුව විසඳීම සඳහා ඉන්ධන බෙදාහරින්නො පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පෙත්සමක් භාර දුන්හ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සමඟ සකච්ඡා කරමින් ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගම් නියෝජිතයන් ඉල්ලා සිටියේ, මෙම කාරණය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.
“බලධාරීන්ට එය අසාධාරණ ගාස්තුවක් විදිහාට හැඟෙනවා නම්, අපි මේ කාරණය සාකච්ඡා කර සාධාරණ විසඳුමක් සොයාගැනීමට කැමතියි. සාකච්ඡා කිරීමෙන් පස්සේ එය අසාධාරණ ගාස්තුවක් කියලා අපට හැඟෙනවා නම්, අපි මේ වැඩෙන් අයින්වෙලා දන්න කෙනෙකුට මේක කරගෙන යන්න දෙනවා. යැයි ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙක් පැවැසීය.
මීට පෙර බොහෝ නිලධාරීන්ට පෙත්සම් ලබා දී ඇති බව පවසමින්, නියෝජිතයෝ තම පෙත්සම ජනාධිපතිවරයාට භාරදෙන ලෙසත්, මෙම ගැටළුව විසඳීම සඳහා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගම් නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවක් සඳහා කටයුතු සම්පාදනය කරන ලෙසත් ඉල්ලා සිටියහ.
චීන ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව (සිනොපෙක්) සහ ඉන්දියානු තෙල් සමාගම (අයිඕසී) ඉන්ධන බෙදාහැරීම සඳහා ඔවුන් සමඟ කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බව ද ඔවුහු එහිදී වැඩිදුරටත් පැවසූහ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිනොපෙක් සහ අයිඕසී සමඟ දැනටමත් වාචික එකඟතාවයකට පැමිණ ඇති බවත් ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගම් නියෝජිතයෝ පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart