November 6, 2023

කිසිදු දේශපාලන පක්ෂයකට සහාය දැක්වීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අවධාරණය කරයි.

සති අන්තයේ පැවැති පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින්, හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ තනතුරක් ඉල්ලා ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය සති අන්තයේ ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ, හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිපයට එක්වෙමින් ක්‍රියාකාරී දේශපාලනට නැවත පැමිණීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ‘ඩේලි මෝනිං’ කළ විමසීමකදී ශ්‍රීලනිප වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය ඇතුළු පක්ෂ කිහිපයක් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

42.31%
17.27%
32.76%