September 13, 2024

බදුල්ල, මුතියංගන රජමහා විහාරයට අයත් මධූ නමැති ඇතින්න හසලක, සෙවෙල බොක්කුව ප්‍රදේශයේ පැරණි වැසිකිළි වළකට වැටීමෙන් ඊයේ මිය ගිය බව හසලක පොලිසිය පවසයි.

මහියංගන රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට මෙම ඇතින්න රැගෙනවිත් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ඇය ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙන යෑමට ට්‍රක් රථයකට නැගීමේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පැවසේ.

අවුරුදු තිහක් පමණ වයසැති මෙම ඇතින්න වයස අවුරුදු හයේදී බදුලු මුතියංගන රජමහා විහාරස්ථානයට බාර දී ඇත.

වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

හසලක පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වයි.