April 23, 2025

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කරන කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතිත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුව, විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයින් පස්දෙනකු දක්වා පුළුල් කර ඇත.