October 22, 2024

උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට අවශ්‍ය පරිදි රවී සෙනවිරත්න හෝ ශානි අබේසේකර යන නිලධාරීන් ඔවුන් දැනට දරන නිලයන්ගෙන් ඉවත්නොකරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත් හේරත් අවධාරණය කළේය.

උදය ගම්මන්පිල ජනමාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිකළ තොරතුරුවල පැහැදිලිවම ඉලක්ක කර ඇත්තේ, අදාළ නිලධාරීන් දෙදෙනා බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඔස්සේ, මෙම නිලධාරීන් දෙදෙනාට කිසිදු චෝදනාවක් එල්ලකර නැති බවද ඇමතිවරයා පෙන්වාදුන්නේය.

42.31%
17.27%
32.76%