January 1, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර තේරී පත්වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්ව ඇත.

මන්ත්‍රීවරයා වසර ගණනක් දකුණු පළාතේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

ඉන්පසු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මන්ත්‍රීවරයා අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සිය සහයෝගය පළකර ඇත.

42.31%
17.27%
32.76%