March 22, 2025

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ‘ෂාන් පුතා’ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශාන් පුතාගේ කළමනාකරුටද ඇප ලබා දී තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.

ඔහුට ගිනිඅවිය සැපයූ බව කියන පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 4 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මාර්තු 14 වැනි දින හෝමාගම පොලිසිය විසින් ශාන් පුතා මිලිමීටර් 9 ගිනිඅවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් වාර්තාවලට අනුව, මන්නාරම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ ශාන් පුතාගේ කළමනාකරු ද නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලින් හෙළිවූයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් ගිනිඅවිය සොරකම් කර ෂාන් පුතාට ලබා දී ඇති බවයි.