Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉදිරි වසර දෙකක ධුර කාලය සඳහා ද මෙරට ක්‍රිකට් පරිපාලනයේ සභාපති ධූරය වෙනුවන් කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (CCC) විසින් නැවත වරක් නම්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සඳහා සිංහල ක්‍රීඩා සමාජයෙන් (SSC) සමන්ත දොඩන්වෙල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයෙන් ජයන්ත ධර්මදාසගේ නම් ද යෝජනා වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, ගාලු ක්‍රිකට් සමාජයෙන් දිලිප් චාල්ස්ගේ සභාපති ධූරය සඳහා ඔහුගේ නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කර ඇතත්, එම නාමයෝජනා ලේඛනයේ දෝෂ හේතුවෙන් මැතිවරණ කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.
වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්තට අමතරව සමන්ත දොඩන්වෙල සහ බන්දුල දිසානායක යන අයගේ නම් ද ලේකම් ධූරය සඳහා නාමයෝජනා ලෙස ලැබී ඇත.
නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම හෙට පෙරවරු 9 සිට 11 දක්වා සිදුකෙරෙන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න ඇතුළු පංච පුද්ගල මැතිවරණ කමිටුව විසින් අවසන් තීරණය ගනු ඇත.
ඡන්ද විමසීම 2025 මාර්තු 31 දින සිදුකෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ලැබී ඇති නාමයෝජනා මෙසේය.
සභාපති – ශම්මි සිල්වා, සමන්ත දොඩන්වෙල, ජයන්ත ධර්මදාස
උප සභාපති – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩන්වෙල
ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක
සහකාර ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක, නාලනී අසංකා අපොන්සු
භාණ්ඩාගාරික – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ
සහකාර භාණ්ඩාගාරික – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart