November 21, 2023

නුවරඑළියේ ක්වීන් එලිසබෙත් මාවතේ පිහිටි පැරණි ලංකා බැංකු විවේකාගාරය සහ ඉඩම “කොලෝනියල් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම” (Colonial Properties Private Limited) වෙත බදුදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතු දේපළ නැවත සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගෙන් තරඟකාරී ආයෝජන යෝජනා කැඳවා ඇති බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා ඇගයීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව සිය නිර්දේශය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

නාගරික සංවර්ධන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ, එකී දේපළ කොලෝනියල් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම වෙත වසර 50ක බදු කාලයකට බදුදෙන ලෙසයි.

42.31%
17.27%
32.76%