Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දිස්ත්‍රික් මට්ටමේ නායකත්ව තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ තාවකාලිකව පත්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන එම ධූරයෙන් ඉවත් කරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස තාවකාලිකව පත්කර තිබේ.
මේ අතර මාතර දිස්ත්‍රික් නායකයා ලෙස ඇමැති කංචන විජේසේකර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක තාවකාලිකව පත්කර ඇති අතර, ඇමැතිය රමේෂ් පතිරණ වෙනුවට රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩලය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රැස්විය.
එම රැස්වීමේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමේ යෝජනාවක් ද සම්මත විය.
මේ අතර එස්. බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හඟුරන්කෙත ප්‍රදේශයේ රැළියක් පැවැත්වුණු අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් යෝජනාවක් සම්මත කරගනු ලැබීය.
මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුවේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමත කරන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.
මෙම සමුළුවට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන නියෝජිතයෝ එක්ව සිටි බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් පිරිසක් ඊයේ රැස්වූයේ වත්මන් ජනාධිපති වික්‍රමසිංහට සහාය දෙනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටය.
රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුරුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිත ද සොයිසා, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කරවීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේවෙතත්, පක්ෂ විනය පිළිපැදීම සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩලය ගන්නා තීරණ දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.
පක්ෂය තුළ කුමන තරාතිරමක සිටියත් පක්ෂය ගන්නා තීරණවලට විරුද්ධ වන ඕනෑම මන්ත්‍රීවරයෙකුගේ සාමාජිකත්වය අහෝසි කරන බව එම ලිපියේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart