Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩබලන පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
පෙත්සම්කාරුවන් වන, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්.ප්‍රියන්ත යන අය මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරමිනි.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිලධාරීන් රැසකගේ බරපතළ නොසැලකිලිමත්භාවය හෝ අතපසුවීම් කිහිපයක් අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.
එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සහ එම පුද්ගලයන් පොලිස්පති තනතුරට පත්කිරීමට සුදුසුකම් නොලබීමට හේතු පැහැදිලි කරමින්, කොළඹ අගරදගුරු මැල්කොම් කාදිනල් රංජිත් හිමිපාණන් 2023 ජුනි 26 වැනි දින ලිපියක් මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියාසිටිති.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අදාළව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
නීතීඥ තුෂාරි ජයවර්ධන හරහා මෙම පෙත්සම ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart