Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රූබික් කියුබ් 1200ක් යොදා ගනිමින් අගල් 91ක උසකින් සහ අඟල් 68ක් පළලින් යුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දැවැන්ත රුවක් නිර්මාණය කරමින් 11 හැවිරිදි සෙහන්ෂ ලක්මාල් නමැති දරුවා ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඔහු පැය 3යි මිනිත්තු 13යි තත්පර 7කින් මෙම දස්කම සිදුකළේ චෝල ලෝක වාර්තා(Cholan World Records) අතර ස්ථානයක් හිමි කර ගනිමිනි.
Cholan Book of World Records සහ Peoples Helping People Foundation එක්ව ඊයේ(3) මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
යක්කල රණවිරු ඇඟලුම් පිහිනුම් තටාක සංකීර්ණයේදී කඳවුරු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එම්. දුවක්කාර් සහ නියෝජ්‍ය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් වාසගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
චෝල ලෝක වාර්තා හි ප්‍රධාන ලේකම් ඉන්ද්‍රනාත් පෙරේරා, උපසභාපති ශ්‍රී නාගවානි රාජා, Cholan Book of World Records හි යුරෝපීය රටවල සභාපති ෆ්‍රැන්සිස් ජේසුදාසන් සහ Peoples Helping People Foundation හි අධ්යක්ෂ සහ විධායක කමිටු සාමාජිකයකු විසින්සෙහන්ෂගේ උත්සාහය විධිමත් ලෙස නිරීක්ෂණය කරන ලදී.
සෙහන්ෂගේ ජයග්‍රහණය අගයමින්, සංවිධායකයන්, හමුදා නිලධාරීන් සමඟ එක්ව ඔහුට සහතිකයක්, රන් පදක්කමක්, සමරු පලිහක්, හැඳුනුම්පතක් සහ ලිපිගොනුවක් පිරිනමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart