Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහියංගණයේ පෙරහරට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණු මහරගම සීතා ඇතින්නගේ රුධිර සාම්පලයක් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල විසින් ලබාගෙන ඇත.
මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මේ රුධිර සාම්පල ලබාගෙන තිබේ.
මෙහිදී වෛද්‍ය කණ්ඩායම ඇතින්නගේ සිරුරේ ස්ථාන දෙකකින් රුධිර සාම්පල ලබාගෙන ඇත.
වනජීවී නිලධාරීන්ට මේ අවස්ථාවට සහභාගී වන ලෙස මහියංගණ පොලිසියෙන් සහ මහරගම පොලිසියෙන් දැනුම්දී තිබුණද, අදාළ ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණ නැත.
වෙඩි වැදී ඇති තුවාල අටෙන් තුවාල තුනකට අවශ්‍ය ප්‍රතිකාර මේ වන විට කර ඇති බව මහාචාර්ය දංගොල්ල සඳහන් කරයි.
කෙසේවෙතත්, ඇතින්නගේ ක්‍රියාශීලිත්වය අඩුවීම නිසා පපුව තුළ යම් ලෝහ ද්‍රව්‍යයක් ඇද්ද යන්න නිරීක්ෂණය කළ යුතුව ඇති බවත් ඊට පහසුකම් නොමැති බවත් මහාචාර්යවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart