Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වනගහනය වර්ධනය කිරීම, වනාන්තරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම සහ වන සතුන් ගම් වැදීම වළක්වා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බිම හෙළීමේ වැඩසටහනක් ගුවන් හමුදාවේ දායකත්වයෙන් පෙරේදා (30) අනුරාධපුරයේදී සිදුකෙරිණි.
අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගම්පලයාගම යෝජිත රක්ෂිතයේ අක්කර 40ක භූමි ප්‍රදේශයකට මෙහිදී කුඹුක්, මී, මදටිය, පලු, වීර සහ කොහොඹ බීජ අසූ දහසක් හෙලිකොප්ටරයකින් ගොස් බිම හෙළීම සිදු කළ අතර, එම වැඩසටහන අට වන ජාතික ගුවන් බීජ බෝම්බ මෙහෙයුම ලෙස නම්කර තිබිණි.
වර්ෂා කාලය ආරම්භවීමත් සමඟ ලඳු කැලෑ, යෝජිත රක්ෂිත ප්‍රදේශ මූලික කර ගනිමින් දැවමය ශාක, පලු වැනි සතුන්ට ආහාරමය ශාක බීජ මෙහිදී බිම හෙළූ අතර, එමඟින් වනගහනය වැඩි කිරීම මූලික අරමුණ වේ. මෙයින් වන සතුන්ට ආහාර මෙන්ම වාසස්ථාන ද ලැබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධපුර අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස් මෙලෙස පැවැසීය.
“මෙරට වනගහනය වර්ධනය කිරීමටත්, එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන දායකත්වය මිල කළ නොහැකි කාර්යයක්. බැලූ බැල්මට ලඳු කැලෑ වගේ පෙනෙන රක්ෂිත කලාප, යෝජිත රක්ෂිත ප්‍රදේශ තිබෙනවා. ජනතාව හිතාගෙන ඉන්නේ ඒවායේ රූස්ස ගස් නැති නිසා ඉඩම් අල්ලා ගත්තට ගැටලුවක් නෑ, එම ලඳු කැලෑ එළිපෙහෙළි කරලා වගා කළාට කමක් නෑ කියලා.
මේ වැඩසටහනේදී දේශීය විශේෂ බීජ වර්ග බිම හෙළුවා. කාලයක් ගත වන විට මේ බීජ රූස්ස ගස් බවට පත්වෙනවා. මිනිසුන් බහුලව ලඳු කැලෑ එළි කළාට විශාල ගස් කපා දැමීමට ජනතාව බියක් දක්වනවා. ඒ වගේම අලි ඇතුන් වැනි වන සතුන් ගම් වැදීම යම් ප්‍රමාණයකින් හෝ අඩු වී අලි මිනිස් ගැටුම මෙමඟින් අවම වෙනවා.”(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart