May 30, 2024

එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂයෙන්ම ඉන්දියා-පාකිස්ථාන තරගයට අදාළ තර්ජන පිළිබඳ වාර්තාවලින් පසුව නිව්යෝර්ක් නගරයේ ආරක්ෂාව වැඩි කරන බව නගර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.

“ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ දී, සහභාගිවන්නන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා මගේ කණ්ඩායම ෆෙඩරල් සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ කටයුතු කර ඇත, මේ අවස්ථාවේ විශ්වාස කළ හැකි තර්ජනයක් නොමැත” යනුවෙන් ආණ්ඩුකාර Kathy Hochul විසින් X හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

නිව් යෝර්ක් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ABC News වාර්තා කර ඇත්තේ තරඟාවලිය සහ නිව්යෝර්ක් නගරයේ ඊට අදාළ සිදුවීම් අන්තවාදීන් විසින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ කඩාකප්පල් කිරීමේ අවස්ථාවන් ලෙස සළකනු ඇති බවයි.

“මෙම ප්‍රධාන ඉසව්වේ දී එළඹෙන ඉන්දියා-පාකිස්ථාන තරඟය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරන ලද මෑත කාලීන ISIS ගැති ප්‍රචාරණය ආරක්ෂක හවුල්කරුවන් අතර කණස්සල්ල මතු කරන අතර දැඩි සුපරීක්ෂාකාරී අවශ්‍යතාවයක් ශක්තිමත් කිරීමට හේතුවී තිබේ” යනුවෙන් ABC News වාර්තා කරයි.

නසාවු ප්‍රාන්ත පොලිස් කොමසාරිස් පැට්‍රික් රයිඩර් පවසා ඇත්තේ අප්‍රේල් මාසයේදී ලෝක කුසලානයට ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය කේන්ද්‍රකර ගත ISIS-K සම්බන්ධ තර්ජනයක් සහ ඉන්දියාවට එරෙහි පාකිස්ථාන තරගය සම්බන්ධයෙන් වඩාත් නිශ්චිත තර්ජනක් එල්ල වූ බවයි.

නොසන්සුන් දේශපාලන සබඳතා හේතුවෙන් වසර කිහිපයකින් ද්විපාර්ශ්වික තරඟාවලියක් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ලෝක කුසලාන තරඟ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා ඉසව් අතරට අයත් වේ.

නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තරඟාවලිය සඳහා බලාත්මක කිරීම, නිරීක්ෂණ සහ තිරගත කිරීමේ ක්‍රියාවලීන් වැඩි කරන ලෙස නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිසියට නියෝග කර ඇති බවයි.

නවවැනි T20 ලෝක කුසලානය ජූනි 1 සිට 29 දක්වා පැවැත්වෙන අතර, තරග 6ක් බටහිර ඉන්දීය කොදෙව්හි සහ ක් එක්සත් ජනපදයේ ක්‍රීඩාංගණ නවයක පැවැත්වේ.

ඉන්දු-පාකිස්ථාන තරගය ජුනි 9 වැනිදා නිව් යෝර්ක් හි නසාවු ප්‍රාන්තයේ අයිසන්හවර් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.