Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායල සහ යුරෝපීය සංචාරකයන්ගෙන් දිනපතා පොලිසියට ඉල්ලීම් ඉදිරිපත්වන බව වාර්තා වේ.
මෙම ඉල්ලීම් පෞද්ගලිකව පොලිස් ස්ථාන වෙත පැමිණ සහ වෙන් කරන ලද ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන ඇමතුම් යන ආකාර දෙකෙන්ම අතර එවැනි සෑම ඉල්ලීමක් සඳහාම පොලිසිය භෞතික ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.
“මෙම ඉල්ලීම් ලැබෙන්නේ තනි සංචාරකයන්ගෙන්. බහුතරය ඊශ්‍රායලයෙන්, යුරෝපා සංගමයේ රටවල්වලින් සහ දේශීයව පවත්වාගෙන යන හෝටල් සහ ආපනශාලා වැනි සංචාරක ආයතනවලින්” යැයි වෙරළබඩ සහ සංචාරක පොලිස් අංශය භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී පවසයි.
මීට අදාළ සංචාරකයන්ගේ කේන්ද්‍රීය සම්බන්ධතා ස්ථානය ලෙස පත් කර ඇත්තේ එම ඒකකයයි.
“ඔවුන්ගෙන් කිහිප දෙනෙක් අපට ඇමතුම් ලබාදුන්නා. කිහිප දෙනෙක් පෞද්ගලිකව පැමිණ කතා කළා. එවිට අපි නිරීක්ෂණ පදනම් කරගත් අවදානම් තක්සේරු කිරීම් සිදුකර ආරක්ෂාව ඉල්ලා සිටින සෑම සංචාරකයකුට හෝ ව්‍යාපාරයකටම ආරක්ෂාව ලබා දී තිබෙනවා” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
ඊශ්‍රායල සංචාරකයන්ට ඇතුළු සංචාරකයන්ට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීම්වලින් පසු ශ්‍රී ලංකාව පදනම් කරගත් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයක් ආරුගම්බේ ප්‍රදේශය නැරඹීමට එරෙහිව සංචාරක උපදේශන නිකුත් කිරීම නිසා ඇති වූ බිය මත මෙම ආරක්ෂාව ඉල්ලා සිටින බව විජය ශ්‍රී ප්‍රකාශ කර ඇත.
පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු වෙනත් විවිධ කොට්ඨාසවල ස්ථානගත කර සංචාරකයන් ආරක්ෂා කරමින් සිටින බවත්, සංචාරකයාට අනාරක්ෂිත යැයි හැඟේ නම් රට පුරා සංචාරය කරන විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අදාළ සංචාරකයන් සමඟ යන බවත් විජය ශ්‍රී පෙන්වා දී තිබේ.
ලබා දෙන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තර්ජනයේ ස්වභාවය සහ සංචාරකයාගේ බිය මත රඳා පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .
සංචාරක උපදේශන කෙසේ පැවතියද මේ වන විට සංචාරකයන්ගේ බිය අඩු වී ඇති බව ද විජය ශ්‍රී සඳහන් කරයි.
පවතින තත්ත්වය වැඩිදියුණු වෙමින් පවතින අතර සංචාරකයන් කිහිප දෙනෙකු සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ නිවාඩුව භුක්ති විඳීමට අවශ්‍ය නිසා නිවාඩුවක් ගත කරන විට ඔවුන් අසල පොලිස් නිලධාරීන් සිටීම අවශ්‍ය නොවන බවයි.
කිසිදු සංචාරකයකුට අනාරක්ෂිත බවක් හෝ තර්ජනයක් ඇති වීමට අවශ්‍ය නැති බැවින් තවමත් උපරිම ආරක්ෂක පියවර ගනිමින් සිටින බව යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී තවදුරටත් පැවසීය.
තර්ජන පිළිබඳ උපුටා දක්වමින් ආරුගම්බේ ප්‍රදේශයට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සංචාරක උපදේශනය නිකුත් කර තිබිණි.
ඉන්පසු ඊශ්‍රායල රජය ද ආරුගම්බේ ප්‍රදේශයට සහ තවත් සමහර වෙරළබඩ ප්‍රදේශවලට ගමන් කරන සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කළේය.
ඊශ්‍රායල සංචාරකයන්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මාලදිවයින් ජාතිකයකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව රජය විසින් එම ප්‍රදේශයට සහ රටේ අනෙකුත් සියලුම ප්‍රදේශවලට ආරක්ෂාව සපයා ඇති අතර ඊශ්‍රායල සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමේදී සහාය වීමට විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart