April 3, 2024

බංගලාදේශයට එරෙහිව චැටෝග්‍රෑම්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද අද ජයගැනීමත් සමග ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත්විය.

දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ ලකුණු 192කිනි.

එම තරගයේ මෙන්ම තගාවලියේ වීරයා බවට පත්වුයේ කමිඳු මෙන්ඩිස්ය.

ඒ අනුව අලුතින් පත් වූ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පිට පිට තරගාවලි ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට සමත්ව සිටියි.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාව වැනි ඉහළ පෙළේ කණ්ඩායම් ලෙස සැළකිව නොහැකි වුවද ඒවා තවදුරටත් ක්‍රීඩා කිරීමට පහසු කණ්ඩායම් ද නොවේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රීඩාකිරීමේදී නායකයා ලෙස ධනංජය ද සිල්වා පළමු තරගයේ දී පෞද්ගලිකව එතරම් හොඳ දක්ෂතා නොපෙන්නුවද බංග්ලාදේශයට එරෙහි තරගයේ දී නායකයා ලෙස ඔහු ද්විත්ව ශතකයක් ලබා ගනිමින් සාර්ථකත්වයකට ළඟා විය.

ශතක දෙකම වාර්තා වූයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පෙළේ පිතිකරුවන් දැවී ගිය අවස්ථාවේදී දැඩි පීඩනයක් මැදය.

ධනංජය සහ ඔහුගේ සෙසු පාසල් සගයා වන කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී පන්දු යවන්නන්ට එරෙහිව තරමක් ආක්‍රමණශීලී වූ අතර එමඟින් සත්කාරක කණ්ඩායම වෙත නැවත පීඩනය යොමු කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

32 හැවිරිදි ධනංජය පළමු ටෙස්ට් තරඟයේදී තම පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ අතර දෙවැනි තරඟයේදී වඩා හොඳ තරග විලාසයක් ඉල්ලා සිටියේය.

දෙවැනි තරගයේදී නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු සෑම පිතිකරුවැකුම අර්ධ ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයකි.

සමස්තයක් ලෙස පන්දු යැවීමේ අංශය එහි ප්‍රවේශය වෙනස් කර ඇති ආකාරය ද හොඳින් දැකගත හැකි විය.

විශේෂයෙන්ම, වේග පන්දු යවන්නන් නව මට්ටමේ විශ්වාසයක් සොයා ගත් බව පෙනී ගියේය.

ධනංජයගේ ප්‍රධානතම තුරුම්පුවක් බවට පත්ව සිටින්නේ සිය වෘත්තීය ජීවිතය පුරාම බාහිර ස්ථානයක සිටි ලහිරු කුමාරය.

ඔහුගේ වේගය මදක් පහත වැටෙන්නට ඇති නමුත් පන්දු යැවීම අතින් ඔහු ඉතා තියුණු ලෙස පෙනේ.

ලහිරු කුමාරට පන්දු රකින්නකු ලෙස තව බොහෝ දුර යා යුතුව ඇත.

ප්‍රභාත් ජයසූරිය මෙන්ම නායක ධනංජය විසින් ඔහුව පිටියේදී කිහිප වතාවක්ම කැඳවනු ලැබීය.

ධනංජයගේ සමස්ත සැලසුම බංගලාදේශයට එරෙහිව ක්‍රියාත්මක විය.

විශේෂයෙන්ම ශකීබ් අල් හසන්ගේ කඩුල්ල ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ගොඩනැගූ ආකාරය ප්‍රශංසනීයය.

රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයකු වන ධනංජය පිටියෙන් පිටතද තම ආක්‍රමණශීලී බව පෙන්වීමට පසුබට නොවීය.

ෂකීබ් අල් හසන් නැවත බංග්ලාදේශ සංචිතයට පැමිණීම ගැන අදහස් දැක්වීමට ඔහුට දිගින් දිගටම බලපෑම් කළ විට, ඔහු බංග්ලාදේශ මාධ්‍යවේදියකුට දැඩිව කියා සිටියේ ‘ඔබ එය බංග්ලාදේශ නායකයාගෙන් විමසිය යුතුය’ යනුවෙනි.

T20 තරඟාවලිය ආරම්භයේ සිටම දෙරට අතර පවතින ආතතීන් පිළිබඳව ද ඔහුගෙන් විමසන ලද අතර ඔහු ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේ “ඔවුන් අපට තදින් ඉන්නවා නම්, අපිත් ඔවුන්ට තදින් ඉන්නවා. ඔවුන් සන්සුන්ව සිටියහොත්, එවිට අපිත් දැඩි ලෙස සන්සුන්ව ඉන්නවා.” යනුවෙන් පවසමිනි.

ධනංජය ද සිල්වා නායකයා ලෙස විනිශ්චය කිරීමට තව කල් ගත විය යුතුව ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි දැඩි ප්‍රතිවාදීන්ට එරෙහිව මිත්‍රශීලී නොවන තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරන්නේ කෙසේද යන්න මගින් ඔහු විනිශ්චය කරනු ඇත.

එහෙත් ඔහු නායකයා ලෙස හොඳම ආරම්භයක් ලබා ඇති බවට සැකයක් නැත.