June 6, 2024

‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීම අද (06) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 103ක් වූ අතර, පනතට විරුද්ධව මන්ත්‍රීවරුන් 59ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය දේපළ විකිණීම නතර කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ ලිපියකින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණද, ඔහුගේ නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම පනත් කෙටුමතට පක්ෂව ඡන්දය ලබාදී තිබීම විශේෂත්වයක් විය.

මෙම පනත් කෙටුම්පත ඔස්සේ ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට දොරටුව විවෘත කෙරෙන බවට චෝදනා එල්ලවී ඇත.

42.31%
17.27%
32.76%