Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාරණයේ නීතිමය පැතිකඩ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ ප්‍රතිචාර දැක්වීමට ඊයේ (24) හදිසි රැස්වීමක් කැදවූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම සහ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් නවය විභාග කිරීමට අවසර දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
තෙන්නකෝන්ට එරෙහිව ක්‍රියාත්මක වන අතුරු නියෝගය පවතින කාලය සඳහා පොලිස්පති ධූරය සඳහා සුදුස්සෙකු නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියෝග කර ඇත.
ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබිණි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණේ ඊයේ පස්වරුවේ බැවින් ඊට අදාළ නීතිමය ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලයේ අදහසවී තිබේ..
ඒ අනුව ඉදිරි දින දෙක තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව ඒකමතිකව තීරණයවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart