Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් (Scientific Freedom and Responibility Award) අමෙරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) ලබාදෙන සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට හිමිව ඇත.
2019 වර්ෂය සඳහා මෙම සම්මානය ලැබී ඇති අතර ‘විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුවූ දායකත්වය’ සළකා බැලීමෙන් මෙම සම්මානය ඔහුට හිමිව තිබේ.
සම්මානය ප්‍රකාශයට පත්කළ මුල් අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට දැක්වූ විරෝධය හේතුවෙන් සම්මානය යළි සළකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමුකෙරිණි.
එම ජූරි සභාවේ ද තීරණය වූයේ සම්මානය ඔහුට ලැබිය යුතු බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාද වූ අතර මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් නගරයේ පැවැති ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුව අතර එහි වැඩසටහන් අධ්‍යක්ෂක තෙරේසා හැරිස් සම්මානය මහාචාර්ය ජයසුමනට ලබාදෙනු ලැබිණි.
ඔහු සමග එක්ව පර්යේෂණ කළ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක ද 2019 වර්ෂයේ විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් වන අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ අන්තර්ජාතික සම්මානයේ කොටස්කරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart