September 20, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතුද නැද්ද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සිය ස්ථාවරය නිවේදනය කර තිබේ.

ඒ අනුව විභාග ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වූ පසු එම තීරණය ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස ඉල්ලා මෙම විභාගයට පෙනී සිටි සිසුන් කිහිප දෙනෙකුගේ මව්පියන් පිරිසක් පෙරේදා (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වී තිබිණි.