September 20, 2024

නික­වැ­ර­ටිය ප්‍රධාන පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න කිහි­ප­යක්ම ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහ­භාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවු­පියෝ චෝදනා කරති.

මේ නිසා තම දරු­වන්ට අසා­ධා­ර­ණ­යක් සිදුවූ බව පව­ස­මින් මවු­පි­යන් පිරි­සක් එම පාසල ඉදි­රි­පි­ටදී අධ්‍යා­පන බල­ධා­රින්ට භාර දීම සඳහා ලිපි­යක් ඊයේ (19) අත්සන් තබා ඇත.

ශිෂ්‍යත්ව විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර ඊට පෙර දින රාත්‍රියේ සහ එදින උදෑ­සන ඔහුගේ උප­කා­රක පන්ති­යට සහ­භාගි වන දරු­වන්ට සහ එම පාසලේ දරු­වන් කොට­ස­කට ලබා­දීම හේතු­වෙන් අනෙ­කුත් දරු­වන්ට බල­වත් අසා­ධා­ර­ණ­යක් සිදුව ඇති බවට මොවුහු චෝදනා කරති.

මවු­පි­යන් රැසක් එක්ව පාසල ඉදි­රි­පි­ටදී මෙලෙස අත්සන් තබන ලද ලිපිය නික­වැ­ර­ටිය කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­ර­යාට, පාසලේ විදු­හ­ල්ප­ති­ව­ර­යාට, නික­වැ­ර­ටිය කොට්ඨාස භාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට යොමු කරන බව ද මවු­පියෝ සඳ­හන් කරති.