April 4, 2024

යුක්තිය මෙහෙයුම අතරතුර නාරම්මල පොලිසියේ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මිකයාගේ වැන්දඹු බිරිඳ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

මේ වනවිට මියගොස් සිටින රොෂාන් කුමාරසිරි රාජකාරි නිමවී නිවස බලා එමින් සිටියදී සිවිල් ඇඳුමින් සිටි උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පෙත්සම්කාර කමනි රූපිකා ප්‍රියංගනී සිය මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රය මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා සිටියි.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව නොවැම්බර් 25 වැනිදාට කැඳවීමට නියම කළේය.

නාරම්මල පොලිසියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

42.31%
17.27%
32.76%