February 20, 2025

රටේ ආරක්ෂාව අනතුරේ බවත්, මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්වුවහොත් එහි වගකීම කථානායකවරයා භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේය.

අයවැය විවාදයේදී අද පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, පාර්ලිමේන්තුවේ කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාරකරු බවත්, මන්ත්‍රීවරයෙකුට කිසියම් දෙයක් සිදුවුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බවත්ය.

“රටේ ආරක්‍ෂාව අනතුරේ, කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාරකාරයා. මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට යම්කිසි දෙයක් වුණොත්, ඔවුන් ඝාතනය වුණොත් එහි වගකීම ඔහු භාරගත යුතුයි. අපිට ආරක්ෂාව අවශ්‍ය නැහැ. නමුත් අපි කිසිම වෙඩි තැබීමකට මුහුණ දෙන්න සූදානම් නැහැ,” ඔහු පැවසීය.