Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආදිවාසී ප්‍රජාව පසුගිය වසර පහේදී ලබාගත් ක්ෂුද්‍ර මුල්‍ය හා වෙනත් ණය කපාදමා සහනයක් සැලසීමට මුල්වන්නැයි ඉල්ලමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසී ප්‍රාදේශීය නායකයන් ඒකාබද්ධව මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ වාර්තා කර ඇති පුවතට අනුව රටේ ආර්ථික අර්බුදය හමුවේ ආදිවාසී ප්‍රජාවගේ ආර්ථිකය ඉතාම පහළ මට්ටමකට වැටීම හා ගෙවාගත නොහැකි ණය නිසා ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කරන බව ඔවුන් එම ලිපියේ සඳහන් කර තිබේ.
ණය කපාහැරීමට අමතරව මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් කඩිනමින් සම්මත කිරීම, සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වූ සමාගම් හා කිසිදු ලියාපදිංචියක් නොමැති ආයතන දියත්කර ඇති අනීතික ණය ක්‍රම නීතියේ රැහැනට හසුකර ගැනීම හා ක්ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත්‍රයට අදාළ අනාගත නීති සම්පාදනයේදී ගිවිසුම් පාර්ශ්වකරුවන්ගේ භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් කිරීම ආදී වශයෙන් තවත් ඉල්ලීම් තුනක්ද ආදිවාසී නායකයන් මහ බැංකු අධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
ආදිවාසී ප්‍රජාවේ බහුතරයකට සිංහල හෝ දෙමළ භාෂා දෙකෙන් එකක්වත් කියැවීමේ හා ලිවීමේ හැකියාව නැතිවීම නිසා ණය ලබාගැනීමේදී ඕනෑම ලේඛනයකට අත්සන් තැබීමේ නැඹුරුව ඇතුළු මූලික ප්‍රශ්න 07ක් ගැනද එම ලිපියේ කරුණු අන්තර්ගත කර ඇත.
ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන සමඟ ප්‍රජාවට නිසි සන්නිවේදනයක් නොවීම නිසා ලැබෙන මුදල් ප්‍රමාණ, පොළී අනුපාත හා තමන්ට එරහි නීතිමය පියවර ගැන දැනුවත්භාවයක් නොමැතිවීම, නියාමන අධිකාන්ගෙන් තොරතුරු වෙත ප්‍රවේශවීම පිළිබඳ දැනුම සහ අවබෝධය නොමැතිකම, ණය උගුලේ සිරවූවන්ට නීතිමය සහාය නොමැතිවීම, ණය එකතුකර ගැනීමේ විවිධ නීතිවිරෝධී ක්‍රමවලින් ආදිවාසීන්ගේ මානව හිමිකම් උල්ලංඝනයවීම, ආදිවාසී කතුන්ගේ ණයගැතිභාවය හා දරුවන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම ගැන නිසි තක්සේරුවක් නොවීම හා ක්ෂුද්‍ර ණය උගුලෙන් ගැලවීමට චංචල දේපළ විකිණීම මහ පරිමාණ අර්බුදයක් වීම සෙසු මූලික ප්‍රශ්න ලෙස එම ලිපියෙහි සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart