April 7, 2025

හජ් උත්සව සමයට පෙර රටවල් 14කට බලපාන පරිදි සෞදි බලධාරීන් විසින් තාවකාලික වීසා තහනමක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම අත්හිටුවීම උම්රා, ව්‍යාපාරික සහ පවුල් වීසා සඳහා අදාළ වන අතර, සීමාකිරීම් ජුනි මැදභාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

උම්රා වීසා බලපත්‍ර ඇති පුද්ගලයන්ට අප්‍රේල් 13 දක්වා සෞදි අරාබියට ඇතුළුවිය හැකි බව නිලධාරීන් පවසයි.

මෙම තීරණයෙන් බලපෑමට ලක් වූ රටවල් අතරට පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සූඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය ඇතුළත් වේ.

තාවකාලික වීසා තහනම පිළිබඳ තීරණය පිටුපස කරුණු කිහිපයක් සෞදි බලධාරීන් හඳුනාගෙන තිබේ.

එහිදී මූලික අවධානය යොමුවන්නේ අනවසර හජ් වන්දනාකරුවන්ගේ සහභාගීත්වයයි.

වර්තමානයේදී හජ් සමය තුළ විදේශිකයන් නීතිවිරෝධී ලෙස ‍රට තුළ රැඳීසිටීම නිසා තදබදය සහ ආරක්ෂාව පිළිබඳ අවදානම් ඇතිවිය හැකි බව ද සෞදි බලධාරීන් පවසයි.

තවත් ප්‍රධාන කරුණක් වන්නේ නීතිවිරෝධී රැකියා, ව්‍යාපාරික සහ පවුල් වීසා භාවිත කරන සංචාරකයන් වීසා නීති උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොළ කඩාකප්පල් කිරීමට අනවසර රැකියාවල නිරත වන බවට වාර්තා වීමයි.

සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම තාවකාලික වීසා තහනම හජ් සමයේදී සංචාරක රෙගුලාසි විධිමත් කිරීමට සහ ආරක්ෂක පියවරයන් වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවයි.

දඬුවම් වළක්වා ගැනීම සඳහා නව නීතිවලට අනුකූල වන ලෙස, බලධාරීහු පීඩාවට පත් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති.

මීට අමතරව, තහනම නොතකා සෞදි අරාබියේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන්ට අනාගත ප්‍රවේශයන් තහනම් කරමින් වසර පහක සීමාවකට මුහුණදීමට සිදුවන බව ද වාර්තා වේ.

සාමාන්‍ය වීසා ක්‍රියාවලීය ජුනි මැදින් පසු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සෞදි බලධාරීන් පවසා තිබේ.